“ප්‍රජා සත්කාරක වැඩසටහන” 
   
         දැරණියගල ප්‍රාදේශීය ලේකම් පී.සී.මධුෂානි ද සිල්වා මැතිතුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මාළිබොඩ සමෘද්ධි ප්‍රජාමුල බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2026.02.03 දින මියනවිට කණිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණ. 

       මේ යටතේ මියනවිට කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියනගේ ප්‍රයෝජනය පිණිස මාළිබොඩ සමෘද්ධි ප්‍රජාමුල බැංකු පොදු සුබසාධක අරමුදලේ රුපියල් ලක්ෂ 02 කට ආසන්න මුදලක් වැයකරමින්  ප්‍රස්ථකාලය සදහා අවශ්‍ය පුටු, වානේ කබඩ් 01ලබාදීම  දැරණියගල ප්‍රාදේශීය ලේකම් පී.සී.මධුෂානි ද සිල්වා මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් සහ මාළිබොඩ සමෘද්ධි කලාප කළමණාකාර එන්.එම්.ආර්.කමල් චන්දන පියසේන,මියනවිට විද්‍යාලයේ විදුහල්පතිතුමා ,මාළිබොඩ කලාප සහකාර ටී.ජී.ගාමිණි විමල්සිරි , සමෘද්ධි සංවර්ධන නිළධාරි යු.එල්.අනුෂික සම්පත්, ග්‍රාම නිළධාරි, ආර්ථික සංවර්ධන නිළධාරී යන මහත්ම මහත්මින් සහ මියනවිට විද්‍යලයීය ගුරු සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.