ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි 2026 වර්ෂයේ රාජකාරී ඇරඹීමේ සමාරම්භක උත්සවය 2026.01.01 දින කාර්යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණි. ප්‍රථමයෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණි. ඉන් අනතුරුව කාර්‍යාලයීය ගීතය ගායනා කිරීම හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කිරීම සිදු කෙරුණි.
ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් විසින් පොල්තෙල් පහන් සිලු දැල්වීමෙන් ඉදිරි කටයුතු ආරම්භ කෙරුණු අතර එහිදී පූජා නර්තනයක්ද සදුනි දිල්හාරා දියණිය විසින් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංස ස්වාමීන් වහන්සේ හා පූජ්‍ය අමුහෙන්කන්දේ වජිර හිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනය සිදු කරන ලදී. අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීමේ කාර්යය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්වූහ. ඉන්පසු ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාරීතුමා, පරිපාලන නිලධාරිතුමා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය හා සහකාර අධ්‍යක්ෂතුමන් නියෝජනය කරමින් අංශ ප්‍රධානී සමන්ති මහත්මිය, ඇතුළු නිලධාරීන් විසින් 2026 වසර වෙනුවෙන් සුභාශිංසන එක් කරන ලදී.
මීට සමගාමීව 2025 සබරගමු පළාත් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනාගත් කාන්තා වොලිබෝල් කණ්ඩායමට හිමි සහතිකපත් කණ්ඩායම් නායිකා සුභාෂිණි කරුණාරත්න ක්‍රීඩිකාව ප්‍රමුඛ ක්‍රීඩිකාවන් හට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු විධායක නිලධාරීන් විසින් ප්‍රදානය කරන ලදී. එමෙන්ම ඉන්පසු කාර්යාලයීය නිලධාරීන් නව අවුරුදු සංග්‍රහය භුක්ති විඳිමත් සමඟින් සුපුරුදු පරිදි සිය රාජකාරී සේවාවන් සැපයීම සිදු කරන ලදී.
ඔබ සැමට සුබ නව වසරක් වේවා








0 Comments