දැරණියගල ව්‍යවසාය ප්‍රදර්ශනය හා අලෙවි පොල 2024
++++++++++++++++++++++++++++++++++
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍යාංශයේ දායකත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ව්‍යවසාය සංවර්ධන ඒකකය මඟින් සංවිධානය කරන ලද Mini Fair -2024 වෙළෙඳ ප්‍රදර්ශනය හා අලෙවි පොළ 2024.12.23 දින දවස පුරා දැරණියගල පොදු වෙළෙඳ පොල අසල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙම අළෙවි පොළ සඳහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින් විශාල පිරිසක් සම්බන්ධ වී සිටි අතර ඔවුන්ට සිය අත්කම් නිර්මාණ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන, එදිනෙදා අවශ්‍ය කුළුබඩු වර්ග, ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, විසිතුරු පැල හා එළවළු පැල ආදී විවිධ ද්‍රව්‍ය රාශියක් මෙහිදී පාරිභෝගිකයින් හට අලෙවි කිරීමේ අවස්ථාව උදා විය.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන්, කෑගල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පුහුණු නිලධාරීතුමිය, දැරණියගල ලංකා බැංකුවේ කළමණාකාරතුමා, මහජන බැංකුවේ කළමණාකාරතුමා හා RDB බැංකුවේ කළමණාකාරතුමා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහභාගි විය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා ලබාදුන් ක්ෂේත්‍ර ll අංශයේ සියලුම නිලධාරීන් හට හා කාර්යාලයේ සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු





0 Comments