සබරගමු පළාත් වොලිබෝල් (කාන්තා) සමස්ත ශූරතාවය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට
🎆———————————💐💐——————————🎆
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා දෙපාර්තමේන්තු අභිබවමින් කෑගලු දිස්ත්‍රික් කාන්තා වොලිබෝල් ශූරතාවය දිනූ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කණ්ඩායම අද දින එනම් පෙබරවාරි මස 07 වන දින රත්නපුර මහනගර සභා ක්‍රීඩාංගනයේදී පැවති සබරගමු පළාත් තරගාවලියේදී සියලු කණ්ඩායම් අතික්‍රමණය කරමින් සමස්ත ශූරතාවය හිමිකරගන්නට සමත්විය.
එමෙන්ම කෑගලු දිස්ත්‍රික් දක්ෂතම වොලිබෝල් ක්‍රීඩිකාවට හිමි සම්මානය සහ සබරගමු පළාත් දක්ෂතම වොලිබෝල් ක්‍රීඩිකාවට හිමි සම්මාන කුසලානය තමා සතු කරගන්නට අප කාර්‍යාලයේ සුභාෂිණි කරුණාරත්න මහත්මිය සමත් විය.
දැරණියගල ප්‍රදේශයට මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයටද ගෞරවයක් එක්කර දෙමින් වොලිබෝල් කණ්ඩායම ලද අනභිභවනීය ජයග්‍රහණය වෙනුවෙන් සහ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩිකාව වශයෙන් සම්මාන දිනාගත් සුභාෂිණි කරුණාරත්න මහත්මිය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්‍ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන හදපිරි සතුටින් පිරිනමමු...💐💐





0 Comments