Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

යෝග අභ්‍යාස පුහුණු වක් සහ දැනුවත් කිරීමේ ඒකාබද්ධ පුහුණු වැඩසටහනක්‌





*යෝග අභ්‍යාස පුහුණු වක් සහ දැනුවත් කිරීමේ  ඒකාබද්ධ පුහුණු වැඩසටහනක්‌* 

        ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම විදේශ රැකියා නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංවිධානයෙන්  2026.2.12 වන දින කෑ/දැර යටිවල කණිෂ්ඨ විද්‍යාලයේදී  *සුවපත් දරු කැලක් සදහා යෝග අභ්‍යාස පුහුණුවෙමු* තේමාව යටතේ සමාජ සේවා නිලධාරීතුමාගේ සම්පත් දායකත්වය හා ආයුර්වේද සංවර්ධන නිලධාරීගේ  සංවිධානය මත යෝග වැඩසටහනක්‌, *සුරක්ෂිත සංක්‍රමණ* පිළිබද විදේශ රැකියා සංවර්ධන නිලධාරිනියගේ දැනුවත් කිරීමක්, *පාසල් දරුවන් සදහා ඵලදායිතාවයේ වැදගත්කම* පිළිබද දැනුවත් කිරීමක් ඵලදායිතා සංවර්ධන නිලධාරි විසින් හා *ගැටුම්අවම පාසල් පරිසරයක්‌* තේමාව යටතේ සමථ සංවර්ධන නිලධාරී විසින් පාසල් සමථකරණ වැඩ  සටහනක්‌ පවත්වන ලදි. 

මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීම සදහා පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කරමු..

 

Post a Comment

0 Comments