ළමා වියේ ආරක්ෂාව හා යොවුන් වියේ යහපැවැත්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටනක්...
දැරණියගල ප්රාදේශීය ලේකම් තුමියගේ ආශීර්වාදයෙන් යුතුව, ළමා වියේ ආරක්ෂාව හා යොවුන් වියේ යහපැවැත්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටනක් 2026.02.10 දින මාළිබොඩ ශ්රී දේවානන්ද විද්යාලයේදී පැවැත්විණ.
එහිදී පෙර පාසල් වයසේ සිට 7 ශ්රේණිය දක්වා දරුවන්, ස්වයං ආරක්ෂාව පිළිබඳ ක්රියාකාරකම් හා පුහුණු කිරීම් සහිතව දැනුවත් කිරීමක් ද,
8 ශ්රේණියේ සිට ඉහළ දරුවන් වෙනුවෙන්,
යොවුන් වියේ යහපැවැත්ම මුල් කරගත් දැනුවත් කිරීම් දේශන කිහිපයක් ද පැවැත්විණ.
මාලිබොඩ ශ්රී දේවානන්ද, මාලිබොඩ දමිළ විද්යාල වල හා, දේවානන්ද,කර්මාන්තශාලා කොටස,මහකුඹුර හා නින්දගම පෙර පාසල් වල දරුවන් මේ සඳහා සහභාගි වූ මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් දැරණියගල පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශ ස්ථානාධිපතිනී,දැරණියගල සමාජ සේවා නිලධාරී,මුල් ළමා විය සංවර්ධන නිලධාරිණී,ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරිණී,උපදේශන නිලධාරිණී,වැවිලි ප්රජා සන්නිවේදන නිලධාරිණී සහ ම.සෞ.හෙද සොයුරිය ද සහභාගි විය.
මාළිබොඩ වසමේ රාජ්ය නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කර තිබූ අතර මේ සඳහා සහය දැක්වූ මාලිබොඩ වසමේ පවුල් සෞඛ්ය සේවා නිලධාරිණිය ට විශේශ ස්තූතිය පිරි නමමු. එමෙන්ම ඒ සඳහා නන් අයුරින් සහය වූ සියල්ලන්ට ද, දරුවන් සඳහා සංග්රහ කටයුතු වෙනුවෙන් දායකත්වය දැක්වූ රංවල විදුලි බලාගාර ආයතනයට ද ස්තුතිය පුද කරමු





0 Comments