සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයක්

      උදාවු නව වසර සමෘද්ධි වැඩසටහන හා එක්ව කටයුතු කරණු ලබන සියලූම දෙනා හට, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතටපත් සැමට , ලක්වැසි හා ලෝකවාසී සැමට තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් දැරණියගල සමෘද්ධි ප්‍රජාමුල බැංකුව විසින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශණයක් 2026.02.06 දින දැරණිියගල සමෘද්ධි බැංකු පරිශ්‍රයේදි  පවත්වන ලදි. 

       දැරණියගල ප්‍රාදේශීය ලේකම් පී.සී.මධුෂානි ද සිල්වා මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත සමෘද්ධි බැංකු කළමණාකාරිනී ඒ.කේ.අයි.අජන්තා කුමාරි මහත්මියගේ නායකත්වය යටතේ සියලුම සමෘද්ධි කළමණාකරුවන් ,සමෘද්ධි සංවර්ධන නිළධාරින්,පාලක මණ්ඩල සභාපතිවරුන්,ප්‍රජාමුල සංවිධාන සාමාජිකයින් ගේ පූර්ණ සහයෝගය ඇතිව වැඩසටහන සංවිධානය කරනලදි