බස්නාගල නූරිය දෙමළ විද්‍යාලයේ සිසු දරුවන් සදහා සහ දෙමාපියන් සදහා දැනුවත් කිරීමේ  ඒකාබද්ධ  වැඩසටහනක්‌........ 

    ප්‍රාදේශීය ලේකම් තුමියගේ මඟපෙන්වීම මත 2026.01.22 දින බස්නාගල නූරිය  දෙමළ විද්‍යාලයේදී ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය විදේශ රැකියා සංවර්ධන නිලධාරී ගේ සංවිධානයෙන් සිසු දරුවන් සදහා නායකත්ව හා ආකල්ප සංවර්ධනය හා ගැටුම් නිරාකරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් පවත්වන ලදී..
  
   මානව සම්පත් නිලධාරී සහ සමථ සංවර්ධන නිලධාරී විසින් පවත්වන ලද මෙම වැඩසටටහනට, විදේශ ගත පවුල් වල භාරකරුවන් සහ දෙමාපියන් සහභාගී වූ අතර  මත් නිවාරණ ය හා මත්ද්‍රව්‍ය නිසා ඇතිවන පවුල් වල ගැටුම් හා ඒ සඳහා ගතහැකි විසදුම්, දරුවන්ගේ ආරක්ෂාව පිළිබද විශේෂ ඒකාබද්ධ දැනුවත් කිරීමක් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රජා විශෝධන සම්බන්ධිකරන නිලධාරීගේ සම්පත් දායකත්වයෙන් හා නූරිය  පොලිස් ස්ථානාධිපතිතුමා, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ගේ සහභාගී ත්වයෙන්, පැවැත්වූ අතර මේ සදහා වසමේ ග්‍රාම නිලධාරීතුමිය  සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී, විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් සහ ප්‍රජා විශෝධන නිලධාරී සම්බන්ධ වූ අතර භාෂා පරිවර්තන කටයුතු සදහා වැවිලි ප්‍රජා සන්නිවේදන නිලධාරීන් සම්බන්ධ විය.
      මේ සඳහා සහය දුන් පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය පිරි නමමු..