කොස්ගහකන්ද වසමේ වතුකරයේ ජනතාව  වෙනුවෙන් දැනුවත් කිරීමේ  වැඩසටහනක් ================================= 

         ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් වතුකරයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක්  2026.01.20 දින කොස්ගහකන්ද වතු ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරුණි. 

      එහිදී අඩු වයස් ගැබ්ගැනීම් පිළිබඳව හා ළමා සංවර්ධනය සම්බන්ධයෙන්  වතු ප්‍රජාව දැනුවත් කිරීම කොස්ගහකන්ද වතු කොටසේදී සිදු කෙරුණි. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ උපදේශන නිලධාරී ජීවනී දසනායක මහත්මිය විසින් වන අතර ඒ වෙනුවෙන් සුවිශේෂී ස්තුතිය පිරිනමමු.

      එමෙන්ම ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී, ග්‍රාම නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඒ වෙනුවෙන් හා  වතු ආශ්‍රිත ළමා සංවර්ධන  නිලධාරීතුමිය දැක්වූ සහයෝගයටත් ස්තුතිවන්ත වෙමු.