Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ අලෙවි පොළක්





ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ අලෙවි පොළක් 

        දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම  මත  දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ප්‍රජා විශෝධන නිලධාරීතුමියගේ සංවිධානයෙන් කාර්යාලය අසල    2026.01.26 වන දින පෙ. ව. 10.00 සිට  ප. ව. 2.00 දක්වා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන ආඥා ලාභීන්ගේ භාණ්ඩ සහ කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි පොළක් පවත්වන ලදී.. 
     
         ප්‍රජා විශෝධන ආඥා ලාභීන්ගේ ඉතුරුම් වර්ධනය කිරීම සහ ඒ තුලින් නව ආදායම් මාර්ග වෙත ඔවුන් යොමු කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස පැවතී මෙම අලෙවි පොළ සදහා සවියක් වන්නට දැරණියගල  ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සබරගමු පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී එල් ජේ ඩෝෂන් මහතා, අවිස්සාවේල්ල සහ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීන් වන චන්දන අධිකාරී මහතා සහ නදීකා ශ්‍යාමලී මහත්මිය සහ කාර්යාලීය  සියලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය. 

       මෙම වැඩ සටහන සාර්ථක කරගැනීම සදහා සහය ලබාදුන් ක්ෂේත්‍ර නිලධාරීන් සහ නන් අයුරින් සහයෝගය ලබා දුන් කාර්යාලීය සියලු නිලධාරීන්ටත්, කෘතවේදිත්වය පුද කරමු.

 

Post a Comment

0 Comments