සමෘද්ධි විශේශ නිවාස වැඩසහන

 -------------------------------- 

     සුව පහසු නිවසක් සවිබලැති පවුලක්” 2025 සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහන යටතේ දැරණියගල කොට්ඨාසයේ නිවාස අවශ්‍යතා ඇති දිළිදු පවුල් අතරින් වඩාත්ම සුදුසු පවුල් 2ක  නිවාස ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම දේශපාලන අධිකාරිය සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් මධුෂානි ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් සමෘද්ධි අංශ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් 2026.01.22 දින  සිදුකරන ලදි. 

         සමෘද්ධි වැඩසටහන මගින්  සෑම වසරක් පාසා නිවාස අවශ්‍යතා සහිත පවුල් තෝරා ඔවුන් වෙත නිවාස ඉදිකිරිම සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර 2025 වසරේ තෝරාගත් නිවාස 3 ඉදිකිරිම සඳහා එක් නිවසකට  රුපියල් දසලක්ෂය බැගින් ලබාදේ. ඒ අනුව මෙම නිවාස 3 ඉදිකිරිම සදහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට නියමිතය. 

     ඒ අනුව මාගල වසම ඒ.ඒ.නන්දකුමාර සහ දැරණියගල දකුණ වසම එන්.සුනිල් ගුණතිලක යන මහත්වරුන්ගේ නිවාස ඉදිකිරිම් කටයුතු ආරම්භ කෙරුන අතර මෙම අවස්ථාවට දැරණියගල සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිති කළමණාකරු වී.ඩී.සී.විතාරණ, මාළිබොඩ කලාප කළමණාකරු එන්.එම්.ආර්.කමල් චන්දන පියසේන,සමාජ සංවර්ධන නිළධාරි මහින්ද කස්තුරිආරච්චි, සමෘද්ධි සංවර්ධන නිළධාරි මනෝරිකා ගුණරත්න,ඊ.ඒ.පද්මසිරි, අලෙවි සංවර්ධන නිළධාරි අජිත් එල්ලාවල, සංවර්ධන නිළධාරි කේ.ඒ.ලක්මාලි, ප්‍රජාමුල සංවර්ධන නිළධාරි  නිශාන්ත ප්‍රදීප් යන මහත්ම මහත්මීන් ඇතුලු ප්‍රදේශවාසින් රැසක් සහභාගිවිය.