දහම් පාසල් සිසු නිපුණතා - 2023
————•••••••••••————-
දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධීකාරී ධූරන්ධර නිවුන්හැල්ලේ සේනානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මෙහෙයවීමෙන් දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් දරුවන්ගේ සිසු නිපුණතා ඇගයීමේ තරග 2023.09.24 දින සිරි සමන් ජාතික පාසලේදි පවත්වන්නට යෙදුණි.
මෙහිදී සියලු තරග විනිශ්චය කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන ලද්දේ රුවන්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසල් නියෝජනය කළ දහම් ගුරුවරුන් විසිනි. එම සද්කර්ය වෙනුවෙන් දායක වූ එකී දහම් ගුරුවරුන්ට විශේෂ ස්තුතිය පුද කර සිටිමු.
එමෙන්ම සිසු නිපුණතා ඇගයීමේ කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමට උරදුන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කළ නිලධාරීන්ටත්, නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරන දහම් විදුහල් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලා හා දහම් ගුරුවරුන්ටත්, සිසු දරු දැරියන්ටත් ස්තුති වන්ත වන අතර, නන් අයුරින් සහයෝගය දුන් සැමත් කෘතඥතා පූර්වකව සිහිපත් කරමු.


0 Comments