දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම (ප්‍රාදේශීය අදියර) - 2024
————-----------•••••••••••------------————-
දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධීකාරී ධූරන්ධර නිවුන්හැල්ලේ සේනානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මෙහෙයවීමෙන් දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් දරුවන්ගේ
සිසු නිපුණතා ඇගයීම 2024.09.08 දින සිරිසමන් ජාතික පාසලේදි හා මුහන්දිරම් විද්‍යාලයේදී පැවැත්විණි.
එහිදී සිසු නිපුණතා ප්‍රාදේශීය ඇගයීම් වලින් ජයග්‍රහණ කළ සිසු දරු දැරියන් 205 දෙනෙකු වෙනුවෙන් ත්යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමද එදිනම සිදු කෙරුණි.
මෙහිදී සිසු නිපුණතා ඇගයීමේ විනිශ්චය කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන ලද්දේ දෙහිඕවිට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසල් නියෝජනය කළ දහම් ගුරුවරුන් විසිනි.
එම සද්කාර්ය වෙනුවෙන් දායක වූ එකී දහම් ගුරුවරුන්ට විශේෂ ස්තුතිය පුද කර සිටිමු.
එමෙන්ම සිසු නිපුණතා ඇගයීමේ කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමට උරදුන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කළ නිලධාරීන්ටත්, නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරන දහම් විදුහල් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලා හා දහම් පාසල් ගුරුභවතුන්ටත්, සිසු දරු දැරියන්ටත්, දැරණියගල ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයටත් ස්තුතිවන්ත වන අතර, නන් අයුරින් සහයෝගය දුන් සැමත් කෘතඥතා පූර්වකව සිහිපත් කරමු.