ප්‍රජා සත්කාරක වැඩසටහක්
සමෘද්ධි බැංකු සංගම් මගින් ක්‍රීයාත්මක ප්‍රජා සත්කාරක වැඩසටහන් යටතේ මාළිබොඩ සමෘද්ධි බැංකුව මගින් කොට්ඨාශයේ දුෂ්කරතා බහුල මාලිබොඩ ප්‍රදේශයේ ග්‍රාමීය වතුරෝහල , ශ්‍රි දේවානන්ද කණිෂ්ඨ විද්‍යාලය,මාලිබොඩ දමිළ විද්‍යාලය යන ආයතන වෙත සිසු දරු දැරියන් සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුතු උපකරණ පරිත්‍යාග කිරිම 2026.01.20 දින දැරණිියගල ප්‍රාදේශිය ලේකම් මධුෂානි ද සිල්වා මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් සහ මාළිබොඩ කලාප කළමණාකාර එන්.එම්.ආර්.කමල් චන්දන පියසේන මහතාගේ සහභාගිත්වයෙන් මාළිබොඩ වතුරෝහල් පරිශ්‍රයේදි සිදුකරනලදි.
මෙම අවස්ථාවව මාළිබොඩ වතුරෝහලේ වෛද්‍ය නිළධාරි තුමිය , උඩමාලිබොඩ දේවානන්ද විද්‍යාලය,මාළිබොඩ දමිළ විද්‍යාලය නියෝජනය කරමින් ගුරුභවතුන් සිසු දරුදැරියන්,මාළිබොඩ කලාප සහකාර ටී.ජී.ගාමිණි විමල්සිරි ,මාළිබොඩ වසම සමෘද්ධි සංවර්ධන නිළධාරි කේ.වි.අෂාල්දීමන්ත,ග්‍රාමනිළධාරි තුමන් ,අනෙකුත් වසම් නියෝජනය කරමින් සමෘද්ධි සංවර්ධන නිළධාරින් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගීවිය.


0 Comments