———••••———-
කඳුමැද නුවර සුවහසක් ජනතාව උදෙසා වසර තුනකට අධික කාලයක් අවංකව, කැපවීමෙන් කටයුතු කළ, මෙම කාර්‍යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ කේ. රමේෂ්රාජා මහතා ඔස්ට්‍රේලියා රජය විසින් පිරිනමන ලද Australia Awards Scholarship ලබා පශ්චාත් උපාධිය හැදැරීම සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාම නිමිත්තෙන් එතුමන් වෙනුවෙන් සුබ පැතීමේ උත්සවයක් හා සුහද හමුවක් 2026.01.19 වන දින කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී පොදු මහජනතාවගේ යහපත උදෙසා පමණක් නොව කාර්‍යාලයීය නිලධාරීන්ගේද දැනුම, කුසලතා හා ආකල්පමය වර්ධනයක් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ එම විශිෂ්ඨ සේවය අගයමින් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්‍ය මණ්ඩලය සුභාශිංසන එකතු කළ අතර එතුමන් වෙනුවෙන් සමරු තිලිණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණි.
එමෙන්ම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සියලු කටයුතු සාර්ථක වන සුභ අනාගතයක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්‍ය මණ්ඩලයේ උණුසුම් සුභාශිංසන යළි යළිත් මෙසේ සනිටුහන් කරමු 💐💐






0 Comments