සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව  මගින් ක්‍රියාත්මක 2025-2029 කාල පරාසය තුල අස්වැසුම හා අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 20 සවිබලගැන්විමේ ජාතික වැඩසටහනට සමගාමීව දැරණිියගල කොට්ඨාශයේ ප්‍රතිලාභින් 27 දෙනෙකු සඳහා රු: 1053245.00 ක වටිනාකමින් යුතු භාණ්ඩ හා උපකරණ  ප්‍රදානය කිරීම 2026.01.02 දින දේශපාලන අධිකාරියේ  සහ දැරණිියගල ප්‍රාදේශිය ලේකම්තුමියගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රතිලාභින්ගේ සහභාගිත්වයෙන් දැරණිියගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දි සිදුකරනලදි.

            සවිබලගැන්විමේ ජාතික වැඩසටහන යටතේ  ප්‍රතිලාභින් 27 දෙනෙකු සඳහා  ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය උපකරණ /භාණ්ඩ මෙසේ ප්‍රදානය කරන ලදි.              

       මෙම අවස්ථාවට සමෘද්ධි මුලස්ථාන කළමණාකාරු ඩබ්.පී.කේ.රණසිංහ  , බැංකු සමිති කළමණාකාර අධ්‍යක්ෂ වී.ඩී.සී.විතාරණ , ව්‍යාපෘති කළමණාකාර කේ.එල්.මාලනී යන කළමණාකාර මහත්මින් ,සමෘද්ධි සංවර්ධන නිළධාරින් හා ප්‍රතිලාභින් සහභාගීවිය.