77 වන නිදහස් දින සමරුම - ප්‍රාදේශීය උත්සවයට සමගාමී අට සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය
-------------------••••••••-----------------------
සබරගමුව පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධාන ශක්තියෙන් අට සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2025/02/04 නිදහස් දින දවස පුරා දැරණියගල සිරිසමන් ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි.
කොට්ඨාසයේ සියලුම ක්‍රීඩා සමාජ සක්‍රිය කරගැනීම අරමුණු කරගැන පැවැත්වූ මෙම තරගාවලියේ, ලියාපදිංචි ක්‍රීඩා කණ්ඩායම් 22ක් සහභාගී විය.
පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවති මෙම තරගාවලියේ අවසාන මහා තරගය සඳහා ඉලුක්තැන්නවත්ත සුඩර්ඔලි කණ්ඩායම හා ඉලුක්තැන්නවත්ත ගොල්ඩ් ස්ටාර් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ දක්ෂ කණ්ඩායම් රාශියකට අභියෝග කරමිනි.
එම තරගාවලියේ අනුශූරතාවය ජයග්‍රහණය කළේ ඉලුක්තැන්නවත්ත සුඩර්ඔලි කණ්ඩායම විසිනි. අනුශූරතා කුසලානය සමගින් රු.15,000.00 ක මුදල් ත්‍යාගයක් ඔවුන්ට හිමි විය. ශූරතාවය ජයග්‍රහණය කල ඉලුක්තැන්නවත්ත ගෝල්ඩ් ස්ටාර් කණ්ඩායමට නිදහස් කුසලාන ශූරතාවය සමගින් රු.25,000.00 ක මුදල් ත්‍යාගයක් හිමි විය. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.





0 Comments