77 වෙනි නිදහස් දින සැමරුම-දරුවන් සදහා පුහුණු වැඩසටහනක් 
----------------------------------------------------

        77 වෙනි ජාතික  නිදහස් දින සැමරුමට සමගාමීව, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි  සමෘද්ධි සමාජ සංවර්ධන අංශය විසින් සංවිධානය කළ ළමා සමාජ දරුවන් සඳහා ආපදා කලමණාකරණය හා ප්‍රථමාධාර පිලිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් 2025.02.04 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි. 

       මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුලු සමෘද්ධි  අංශයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.  එමෙන්ම මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ  දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය හා දිස්ත්‍රික් රතුකුරුස සංවිධානයයි.  
             එමෙන්ම මෙම වැඩසටහන අවසානයේ කාර්‍යාලයීය පරිසර ඒකකයේ දායකත්වයෙන් දරුවන් සදහා පලතුරු පැළ ලබා දීමක්ද සිදුවිය. මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයටත්, දිස්ත්‍රික් රතුකුරුස සංවිධානයටත්, නන් අයුරින් සහය දුන් සැමටත් ස්තුතිවන්ත වෙමු.