දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව රැස්වේ
  ================================ 
      2025 වර්ෂයේ පළමු ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2025.01.30 වන දින දැරණියගල පුර නැගුම බහුකාර්‍ය ශාලාවේදී පැවැත්විණි. 

      ප්‍රාදේශීය ලේකම්තුමියගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව ඇරඹි මෙම රැස්වීමේදී මුලින්ම පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හඳුනා ගන්නා ලද ගැටලු වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. 

       ඉන් අනතුරුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කළ එක් එක් රාජ්‍ය ආයතන වල නිලධාරීන් විසින් මෙම කොට්ඨාසයට අදාල වැඩසටහන් වල ප්‍රගතිය හා ඉදිරි වැඩ සැලසුම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.  

     එමෙන්ම මෙහිදී දිකඇල්ලකන්ද, පනාකූර, දෙමැද, දැර දකුණ හා මාලිබොඩ යන ග්‍රාම නිලධාරි වසම් වල පවතින ආර්ථික හා සමාජීය විභවතා සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළ අතර,   කොට්ඨාසයට අදාළ පොදු මහජන ගැටලුද සාකච්ඡාවට ලක් කරන ලදී. 
     ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), පරිපාලන ග්‍රාම නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සභාවේ ලේකම්,  දැරණියගල හා නූරිය යන පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය නිලධාරී(ගොවිජන සේවා), කෘෂිකර්ම උපදේශක ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් රැසක්ද මෙම රැස්වීම සඳහා සහභාගී වූහ. මෙම රැස්වීම සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු