සුබ සමුගැනීමක්
 ---•••••••---- 
     දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර 12 කට අධික කාලයක්, මෙම කොට්ඨාසයේ සංවර්ධන කාර්‍යයන් වෙනුවෙන් උපරිම වශයෙන් කැපවෙමින් සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ලෙස සේවය කළ වසන්ත සිරිසෝම මහතා, සහ 35 වසරකට අධික කාලයක් විවිධ වසම් වල මහජනතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකරමින් මෙම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයෙකු ලෙස සේවය කළ උපාලි ගුණරත්න මහතා සේවයන් විශ්‍රාම යාම වෙනුවෙන්  සුහද හමුවක් හා උපහාර තිළිණ ප්‍රදානෝත්සවයක් පසුගියදා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්  කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේදී  පැවැත්විණි.  

         මෙම සුහද හමුව සංවිධානය කර තිබුනේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ක්‍රීඩා හා සුබසාධක සංගමය විසිනි. සිය රාජකාරි කටයුතු මෙන්ම බාහිර කටයුතු වලදීද උපරිම දායකත්වය ලබාදෙමින් සුහදව අහිමානවත්  රාජකාරියක් ඉටු කළ සහකාර අධ්‍යක්ෂතුමාටත්, ග්‍රාම නිලධාරීතුමාටත් සුබ විශ්‍රාම දිවියක් සමගින් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්‍ය මණ්ඩලය හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමු. 

      එමෙන්ම මෙම සුහද හමුවේදී මෙම කාර්‍යාලයෙන් වෙනත් සේවාවක් වෙනුවෙන් ස්ථාන මාරුවීම් ලබා යන සංවර්ධන නිලධාරී සඳමාලී මහත්මියට හා සංවර්ධන නිලධාරි සෙව්වන්දි මහත්මිය වෙනුවෙන් උපහාර තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරුණු අතර, එම නිලධාරිණියන් දෙදෙනාටත්  හදපිරි සුබ පැතුම් පිරිනමමු. මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් ක්‍රීඩා හා සුබසාධක සංගමයටත්, නන් අයුරින් උපකාර කළ සැමටත් හදපිරි තුති පිරිනමමු