කාර්‍යාලීය අලෙවි පොල
 ----------------- 

       ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ කාර්‍යාලීය ඵලදායිතා අරමුදල ශක්තිමත් කරගැනීමේ අරමුණින් කාර්‍යාල ඵලදායිතා මෙහෙයුම් කමිටුවේ යෝජනා මත, එම කම්ටුව විසින් සංවිධානය  කළ අලෙවි පොළ 2025.01.27 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය භූමියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. 

        මෙහිදී එළවළු, පළතුරු, රසකැවිලි, කෑම වර්ග හා ඇදුම් ආදිය නිලධාරීන්ට මෙන්ම පාරිභෝගිකයන් සදහා මිල දී ගැනීමට හැකි විය. 

      ඒ සඳහා සහයෝගය ලබා දුන් ප්‍රාදේශීය ලේකම්තුමියට, ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සියලු දෙනාටත්, මහත් කැපවීමෙන් ක්‍රියාකල ඵලදායිතා මෙහෙයුම් කමිටුවේ සභාපතිතුමා ඇතුළු කමිටු සාමාජිකයින්ටත්, අලෙවි පොළ සඳහා භාණ්ඩ ලබාදීමෙන් හෝ මුදල් පරිත්‍යාග කිරීමෙන් සහය ලබාදුන් කාර්‍යාලයීය නිලධාරීන්ටත් ආරාධනා මත පැමිණි සහයෝගය ලබාදුන් අමුත්තන් ඇතුලු සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු