Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව රැස්වේ





ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව රැස්වේ 
----------------------------- 

     2025 වර්ෂයේ අභිනව කෘෂිකර්ම කමිටු රැස්වීම 2025.01.22 වන දින සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

        මෙම රැස්වීම සඳහා පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, ප්‍රාදේශීය නිලධාරී(ගොවිජන සේවා), කෘෂිකර්ම උපදේශක, අපනයන සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘපනිස නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුලු  කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ බාහිර රාජ්‍ය ආයතන වල නිලධාරීන් රැසක්ද සහභාගී වූහ. 

     එමෙන්ම මෙම රැස්වීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක ලංකා මහතා විසින් මේ දිනවල බහුලව ව්‍යාප්ත වන මී උණ රෝගය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

       මෙම රැස්වීම සාර්ථක කරගනු වස් සහය දුන් කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ඇතුලු සියලු දෙනාටම හදපිරි තුති පිරිනමමු
 

Post a Comment

0 Comments