අස්වැසුමලාභීන් සවිබලගැන්වීම සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 
     පවුල් ලක්ෂ පහලොවක් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව දැරණියගල කොට්ඨාශයේ ක්ෂේත්‍ර නිළධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් දැරණියගල ප්‍රාදේශිය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රැස්විම් ශාලාවේ දි පැවැත්වින. 

      අස්වැසුම ප්‍රතිලාභින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සවිබලගැන්වීම හා ඒ සඳහා සහායසේවා සපයන ආයතනවල දායකත්වය ලබාදියුතු අන්දම පිළිබඳ දැනුවත් කිරිම සිදුකරන ලද්දේ මාළිබොඩ සමෘද්ධි බැංකු කළමනාකාර එන්.එම්.ආර්.කමල් චන්දන පියසේන මහතා සහ කිතුල්ගල සමෘද්ධි බැංකු කළමනාකාර චමින්ද කරුණාතිලක    මහතා විසිනි.  

      මෙම අවස්ථාවට සියලුම සමෘද්ධි කළමනාකාර මහත්ම මහත්මීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කාර්යාලයිය ක්ෂේත්‍ර නිලධාරින්, සහාය සේවා සපයන ආයතන ක්ෂේත්‍ර නිලධාරින් රැසක් සහභාගිවිය. මෙම වැඩසටහන් සමෘද්ධි ව්‍යාපෘති අංශය මගින් සංවිධානය කරනලදි.