රෙජිස්ට්‍රාර් අංශයේ අභිනවයෙන් ඉදිකළ සේවාලාභී පරිශ්‍රය විවෘත කිරීම
-----------------------------------------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් සේවාවන් ඉටුකර ගැනීමට පැමිණෙන මහජනාවට රැඳී සිටීමට සහ සිය සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම නිසා සේවාලාභීන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවිය.
එම ගැටලු වලට විසඳුම් සපයමින් ප්‍රාදේශීය ලේකම් 2024 වර්ෂයේ කාර්යාල සංවර්ධනය වෙනුවෙන් රජය විසින් ලබාදෙන ප්‍රතිපාදන වලින් තුන් ලක්ෂයකට අධික මුදලක් වැය කරමින් ඉදි කෙරුණු නව සේවාලාභී පරිශ්‍රය විවෘත කිරීම 2025 ජනවාරි මස 01 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී, සහකාර අධ්‍යක්ෂ(සැලසුම්), පරිපාලන නිලධාරි, පරිපාලන ග්‍රාම නිලධාරි ඇතුළු කාර්යාල නිලධාරීන් රැසක්ද එම අවස්ථාවේ සේවාවන් ඉටුකර ගැනීමට පැමිණි මහජනතාව ද සම්බන්ධ වූහ.
විශිෂ්ටතම සේවාවාක් මහජනතාවට සැපයීම අරමුණු කරගත් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීයේ මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට ආරම්භයේ සිටම නන් අයුරින් සහය ලබා දුන් සියලුම දෙනාටත්, විශේෂයෙන්ම රෙජිස්ට්‍රාර් අංශයේ සේවාවන් ඉටුකර ගැනීම සම්බන්ධයෙන් උපකාරක මාර්ගෝපදේශ පුවරු සකස් කිරීම වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය ලබා දුන් තුරු පාරිසරික සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත පද්මකුමාර මහතාටත් හදපිරි තුති පිරිනමමු.




0 Comments