තෛපොංගල්_උත්සවය_2025
——————————————
සාම්ප්‍රදායික අස්වනු නෙලීමේ මංගල්‍යය වශයෙන් හින්දු ජනතාව උත්කර්ෂවත් ලෙස සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව මෙම කොට්ඨාසයේ ප්‍රාදේශීය සැමරුම් උත්සවය සබරගමු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවනාගාරයේදී 2025.01.29 වන දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශිවකුමාර් කුරුක්කල්තුමන් විසින් දේවාශිර්වාද පූජාවන් පවත්වනු ලැබීමෙන් අනතුරුව ඇරඹි මෙම වැඩසටහ, සමාජ සේවා අංශයේ ඉන්දීවරී හා කෝසලා යන නර්තන ශිල්පිණියන්ගේ අපූරු සාම්ප්‍රදායික ද්‍රවිඩ නර්තනයකින්ද, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් හා ඇග්නස් මේරී මෙනවියගේ මනරම් යුග ගායනයකින්ද, ග්‍රාම නිලධාරි අසේල මධුෂාන් මහතාගේ සුන්දර දමිළ ගීතයකින්ද සහ පුහුණුලාභී ඇග්නස් මේරී මෙනෙවියගේ මිහිරි ගීතයකින්ද වඩාත් විචිත්‍රවත් විය.
මෙම වැඩසටහනට සමගාමීව කාර්‍යාලයීය නිලධාරීන්ගේ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් එක් එක් අංශ මට්ටමින් කෝලම් රටා නිර්මාණය කිරීමේ තරගයක්ද පැවැත්වූ අතර, ජයග්‍රහණය කළ කණ්ඩායම් වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරුණි.
එමෙන්ම මෙහිදී දෙමළ භාෂා පාඨමාලාව සාර්ථකව හැදෑරූ කාර්‍යාලයීය නිලධාරීන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කෙරුණි. මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් කාර්‍යාලයීය නිලධාරීන්ටත්, නන් අයුරින් උදව් උපකාර සියලු දෙනාටත් හදපිරි තුති පිරිනමමු





0 Comments