කොට්ඨාස දින රැස්වීම, ජනවාරි 2025
 ------------------------------- 
2025 නව වසරේ ආරම්භක මධ්‍යම කොට්ඨාස දින රැස්වීම 2025.01.17 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

      මේ සඳහා දැරණියගල පොලිසිය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,අඩවි වන කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නියෝජිතයින් පැමිණ සිටි අතර දැරණියගල කොට්ඨාසයට අදාළ පොදු ගැටළු සම්බන්ධයෙන් හා ඒවාට විසඳුම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. 

      මෙහිදී විශේෂයෙන්ම නව රජයේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක #CleanSriLanka ව්‍යාපෘතිය සම්බන්ධව දැරණියගල කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන්ට හඳුන්වාදීම සහකාර ප්‍රාදේශීය  ලේකම්තුමා විසින් සිදු කරන ලදී. 

        මීට අමතරව ප්‍රාදේශීය ඩෙංගු මර්ධන කමිටුව හා ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව කොට්ඨාස දින රැස්වීමට සමගාමීව පවත්වන ලදී. මේ සඳහා අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්ද සම්බන්ධ විය