දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 වර්ෂයේ රාජකාරි සමාරම්භය.
——————————•••••••••————————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි 2025 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමේ වැඩසටහන 2025.01.01 දින කාර්යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක විය. ප්‍රථමයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කිරීම සිදුකිරිමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් විසින් පොල්තෙල් පහන් සිලු දැල්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු ආරම්භ කෙරුණි.
ඉන්පසුව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංස ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනය සිදු කරන ලදී.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ලස්සන රටක් - පොහොසත් ජීවීතයක් තේමාව කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන #CleanSriLanka වැඩසටහනේ සජීවී විකාශය සමඟ සම්බන්ධ වෙමින් පුරවැසි ප්‍රතිඥාව ලබාදීමේ කාර්යය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්විය.
අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), පරිපාලන නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරි, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් 2025 වසරට සුභපැතුම් එක් කරන ලදී.
මීට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් සැණකෙළියේ අන්තර් රාජ්‍ය අංශ අතර පසුගිය දිනක පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනාගත් කාන්තා වොලිබෝල් කණ්ඩායමට හිමි ජයග්‍රාහී ශූරතාවය කණ්ඩායම් නායිකා සුභාෂිණි කරුණාරත්න ක්‍රීඩිකාව ප්‍රමුඛ ක්‍රීඩිකාවන් හට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු විධායක නිලධාරීන් විසින් ප්‍රදානය කරන ලදී.
ඉන් අනතුරුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් 2025 වසරේ නිදහස් දින උත්සවයට සමගාමීව කාර්‍යාලයීය නිලධාරීන් වෙනුවෙන් පවත්වන තරග සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී.
ඉන් අනතුරුව කාර්යාලයීය නිලධාරීන් නව අවුරුදු සංග්‍රහය භුක්ති විඳින ලදී. අනතුරුව සුපුරුදු පරිදි සිය සේවාවන් සැපයීම සිදු කරන ලදී








0 Comments