වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
————————————————-
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ, සමෘධි ව්‍යාපෘති අංශය මගින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් පසුගියදා දැරණියගල විදාතා සම්පත් මධ්‍යස්ථානයේදි පවත්වනලදි.
කොට්ඨාශයේ සියලුම වසම් ආවරණය වන පරිදි සංවිධානය කරනලද මෙම වැඩසටහන මගින් වයස අවුරුදු 18 ට වැඩි රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා වෘත්තිය මාර්ගෝපදේශනය, වෘත්තීය පුහුණුවීම් සඳහා අදාල ආයතන වෙත යොමු කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම සිදුකරන ලදි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධන නිලධාරි, නිපුණතා සංවර්ධන නිලධාරි, වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන භාර නිලධාරි යන මහතුන්ගේ සම්පත්දායකත්වය ලැබුනු අතර මෙම අවස්ථාවට සමෘද්ධි ව්‍යාපෘති කළමනාකරු, සහකාර ව්‍යාපෘති කළමනාකරු, අලෙවි සංවර්ධන නිලධාරි ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය. සහයෝගය ලබාදුන් ක්ෂේත්‍ර හා වසම්භාර සමෘද්ධි සංවර්ධන නිලධාරින් ඇතුලු සැමට අපගේ ස්තූතිය පුදකර සිටිමු.




0 Comments