ප්‍රාදේශීය ළමාසමාජ බලමණ්ඩල පිහිටුවීම

 ----------------------------------- 

        දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි කැකුළු ළමාසමාජ නිලධාරින් ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ළමාසමාජ බලමණ්ඩල පිහිටුවීම පසුගියදා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගිත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි සිදුකරනලදි.       

      මෙහිදී දැරණියගල පොලිස් ස්ථානාධිපතිතුමා හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරිතුමා විසින් ළමාසමාජ දරුවන් උදෙසා විශේෂ දැනුවත් කිරිමක් සිදුකරනලදි. ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සංවිධානය කරනලද මෙම වැඩසටහන සඳහා බැංකු සමිති කළමනාකරු, මුලස්ථාන කළමණාකාරු, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය. සහයෝගය ලබාදුන් සැමට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.