වතු ප්‍රජාවට මත් නිවාරණ වැඩසටහනක්
 -------------------------------- 

       සබරගමු පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍රහයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ඌඩපොළ වත්ත ආශ්‍රිත ප්‍රජාව සඳහා මත් නිවාරණ වැඩසටහනක් 2024.12.06 දින ඌඩපොළ වතු කාර්යාලයේදී පැවැත්විණි. 

       මේ සඳහා වතු ආශ්‍රිත සිංහල හා ද්‍රවිඩ තරුණ සහ වැඩිහිටි පිරිසක් සහභාගී විය. මෙහි සම්බන්ධීකරණ කටයුතු ඌඩපොළ වත්තේ වතු කළමනාකාරතුමා හා සුබ සාධන නිලධාරීතුමිය විසින් සිදු කරන ලද අතර වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ කොස්ගහකන්ද වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා විසිනි. 

       මෙම වැඩසටහන සඳහා සහකාර වතු කළමනාකාරතුමන්ලා ඇතුළු වතු කාර්ය මණ්ඩලයද,දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ වැවිළි ප්‍රජා සන්නිවේදන පහසුකම් සලසන නිලධාරිතුමිය හා සංවර්ධන නිලධාරි (සමාජ සේවා) සහභාගි විය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට කෘතවේදීත්වය පළ කරමු.