ආහාර සංස්කරණ ක්‍රම පිලිබඳ  වැඩසටහන
 ————————••••——————---- 

         ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, දේශීය වෛද්‍ය ආමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ ආයුර්වේද සංවර්ධන නිලධාරි විසින්  දැරණියගල කොට්ඨාසයේ  සංවිධානය කල තවත් එක් වැඩසටහනක් කොස්ගහකන්ද වීදියවත්ත ප්‍රාදේශීය සභා පෙර පාසලේදී පසුගියදා පැවැත්විණි. 

        මෙම වැඩසටහන වෙනුවෙන්  සම්පත්  දායකත්වය  ලබා දෙන ලද්දේ කෘෂිකර්ම උපදේශනතුමිය හා දේශීය වෛද්‍යතුමිය විසිනි. ප්‍රායෝගිකව දේශීය අහාර භාවිතයෙන් අහාර සංස්කරණය පිලිබඳ හා එහි වැදගත්කම පිලිබද දැනුවත් කරන ලදී. 

       මෙම වැඩසටහන සදහා ඵලදායිතා සංවර්ධන නිලධාරි, කෘෂි කර්ම නිලධාරි හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ද දායකත්වය ලබා දුන් අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සිය උපරිම දායකත්වය ලබාදුන් පෙර පාසලේ ආචාර්යතුමිය සහ නන් අයුරින් සහය දුන් සැම කෘතවේදිව සිහිපත් කරන්නෙමු.