දරුවන් සදහා නිර්මාණ පිළිබඳව පුහුණු වැඩසටහනක්
------------------•••••••-------------------
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ළමා සමාජ වල දරුවන් සඳහා කඩදාසි නිර්මාණ හා අත්කම් නිර්මාණ පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබාදෙන වැඩසටහනක් 2024.12.17 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ කටයුතු සමෘද්ධි අංශයේ සමාජ සංවර්ධන සහකාර මහින්ද මහතා විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ සමාජ ආරක්ෂණ නිලධාරී ලක්ෂිත රාජපක්ෂ මහතා හා සංවර්ධන නිලධාරි කෝසලා රන්දිලිනි මහත්මිය විසිනි. දරුවන් ඉතා සතුටින් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ අතර මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පුද කරමු




0 Comments