කවි මඩුව හා භාණ්ඩ සල්පිල 
----------------------- 
          සබරගමු පළාත් පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ අරමුදල් තර කර ගැනීම පිණිස සංවිධානය කළ කවි මඩුව හා භාණ්ඩ සල්පිල 2024.12.24 දින දවස පුරා දැරණියගල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි.

       ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයට අයත් ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජික සාමාජිකාවන් මෙහිදී අලෙවිය සඳහා භාණ්ඩ රැගෙන එන ලදී. කල්‍යාණී සමරසේකර කිවිඳිය, විජිත මොරගොල්ල කිවිඳුන්, රණසිංහ කිවිඳුන් හා අජිත් කිවිඳුන් භාණ්ඩ අලෙවි කිරීම සඳහා හා කවියෙන් ප්‍රජාව රස ගැන්වීම උදෙසා කටයුතු කරන ලදී. 
          මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන්ට, දැරණියගල ජනහිත හෝටලයේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, කේක් සෝන් අධිපතිතුමියට, සම්පත් පළතුරු වෙළඳසැල ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට, දැරණියගල සම්පත් බැංකුවට, සමාජ සේවා අංශයේ හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු