ආබාධ සහිත පුද්ගලයින් සඳහා භෞත චිකිත්සක සායනයක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 
----------------------------------------------------       
         සබරගමු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ස්වශක්ති සංවිධානයේ සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කළ භෞත චිකිත්සක දැනුවත් කිරීමේ වැඩසටහනක් හා භෞත චිකිත්සක සායනයක් විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී 2024.12.22 දින පැවැත්විණි. 
         මේ සඳහා සම්බන්ධ වූ ස්වශක්ති සංවිධානයේ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල අයගේ අංග චලන අපහසුතා ආදිය හඳුනාගෙන ඔවුන්ගේ ඉරියව් වෙනස් කිරීම මඟින් හා අදාල ආධාරක උපකරණ භාවිතාව මඟින් එම අපහසුතා වලින් මිදීමට අවශ්‍ය භෞත චිකිත්සක උපදෙස් නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදා විය. 
          මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ භෞත චිකිත්සක හෂාන් ජයසංඛ මහතා විසිනි.
        සමාජ සේවා අංශය මඟින් සංවිධානය කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ට, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ භෞත චිකිත්සක හෂාන් ජයසංඛ මහතාට, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ  ප්‍රසාදිකා ගුණවර්ධන හෙඳ නිලධාරිතුමියට, විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරිතුමාට, සංවර්ධන නිලධාරිනි නිපුණිකා හර්ෂි මෙනෙවියට, ස්වශක්ති සංවිධානයේ ලේකම්තුමියට හා භාණ්ඩාගාරිකතුමියට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු