දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව රැස්වේ.
================================
නව රජය යටතේ මෙම කොට්ඨාසයේ පළමු ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අභිනව සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2024.12.20 වන දින දැරණියගල පුර නැගුම බහුකාර්‍ය ශාලාවේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව අභිනව සභාපතිතුමන් විසින් නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලද අතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කළ එක් එක් රාජ්‍ය ආයතන වල නිලධාරීන් විසින් මෙම කොට්ඨාසයට අදාල වැඩසටහන් වල ප්‍රගතිය හා ඉදිරි වැඩ සැලසුම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදාලව ගැටලුද සාකච්ඡාවට ලක් කරන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), පරිපාලන ග්‍රාම නිලධාරී, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සභාවේ ලේකම්, දැරණියගල හා නූරිය යන පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය නිලධාරී(ගොවිජන සේවා), කෘෂිකර්ම උපදේශක ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් රැසක්ද මෙම රැස්වීම සඳහා සහභාගී වූහ. මෙම රැස්වීම සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු



0 Comments