Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

මත්නිවාරණ වැඩසටහනක්




මත්නිවාරණ වැඩසටහනක්
 ---------------------- 
     සබරගමු පළාත් පරිවාස හා ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ළමා සමාජ වල දරුවන් මත් උවදුරට හසු නොවී සිටීමට අවශ්‍ය දැනුම ලබා දෙන මත් නිවාරණ වැඩසටහනක් පරිපාලන නිලධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.12.17 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්විණි.  
      සමාජ සේවා අංශය මඟින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ කටයුතු සමෘද්ධි අංශයේ සමාජ සංවර්ධන සහකාර මහින්ද මහතා විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහනට සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ රුවන්වැල්ල පොලිස් ස්ථානයේ ප්‍රජා සංවර්ධන නිලධාරී ඩබ්.ටී.විජේවර්ධන මහතා විසිනි. 
         මෙහිදී මත් නිවාරණයට අමතරව දුරකථන අවභාවිතාවෙන් වැළකීම පිළිබඳවද දරුවන් දැනුවත් කිරීම සිදුකරන ලදී. දරුවන් ඉතා උනන්දුවෙන්  මෙම වැඩසටහන සඳහා සක්‍රිය ලෙස සම්බන්ධ වූ අතර මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය  පුද කරමු
 

Post a Comment

0 Comments