තාක්ෂණික පුහුණු වැඩසටහනක්

-------------------------- 

       දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සිදු කරන වැඩසටහන් අතර එක් වැඩසටහනක් ලෙස ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය මඟින් LED බල්බ් නිෂ්පාදනය සහ අලුත්වැඩියා කිරීමේ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්විය.  

        ඒ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ කාර්මික පාඨමාලා උපදේශක එච්.ඒ.ජී රුවන් මහතා විසිනි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා තරුණ තරුණියන් සම්බන්ධ කල සියලු දෙනාටත්, සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් ස්තුතිය පුදකරමි.