ජංගම සේවා වැඩසටහනක්
••••••••••••••••••••••••
කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශයේ ජාතික කාන්තා කමිටුවේ අනුග්රහයෙන් ප්රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් අඩු ආදායම්ලාභී කාන්තාවන්ට සහන සැලසීම ඉලක්ක කරගෙන සෞඛ්ය කඳවුරක් හා ජංගම සේවාවක් 2024.12.12 දින මාලිබොඩ වතු රෝහල් සංකීරණයේදී සහකාර ප්රාදේශීය ලේකම්තුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
වකුගඩු රෝග පූර්ව හඳුනාගැනීමේ සායනයක්, බෝ නොවන අනෙකුත් රෝග හඳුනා ගැනීමේ සායනයක්, අක්ෂි සායනයක්, දන්ත සායනයක් හා සුවනාරී සායනයකින් සෞඛ්ය කඳවුර සමන්විත වූ අතර වැඩිහිටියන් සඳහා ඇස් කණ්ණාඩි ලබාදීමද සිදු කරන ලදී. ඊට අමතරව ජාතික හැඳුනුම්පත් සැකසීම, වැඩිහිටි හැඳුනුම්පත් සැකසීම ඇතුළු කාර්යාලයේ අනෙකුත් සේවාවන් ඉටුකර ගැනීම සඳහා අදාළ නිලධාරීන් හමුවීමේ අවස්ථාව ප්රජාවට හිමි විය. යුද හමුදාව වෙත ආධුනික සෙබළුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණද එදින සිදු කරන ලදී.
මාලිබොඩ, දික්ඇල්ලකන්ද, මාගල හා පොත්දෙනිකන්ද වසම් වල අඩු ආදායම්ලාභී කාන්තාවන් හා ප්රජාව 500 කට අධික ප්රමාණයක් මේ සඳහා සම්බන්ධ වූ අතර ඔවුන්ගේ රෝග හඳුනාගෙන අදාළ ස්ථාන වෙත යොමු කිරීමට එදින කටයුතු කරන ලදී.
කාන්තා කටයුතු අමාත්යාංශයේ ජාතික විධායක කමිටුවේ නීති නිලධාරීතුමිය ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සම්බන්ධ විය. කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී මනෝරී දෙහිමඩුව මහත්මියද මේ අවස්ථාවට සම්බන්ධ විය.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය වනිතා සංවර්ධන නිලධාරීතුමිය විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දැරණියගල ප්රාදේශීය සභාව සුවිශේෂී අනුග්රහයක් දක්වන ලද අතර සභාවේ ලේකම්තුමා ප්රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය පුද කරමු.
මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දුන් දැරණියගල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයට ද අපගේ කෘතවේදීත්වය පුද කරමු. එමෙන්ම මාලිබොඩ වතුරෝහලේ ස්ථාන භාර වෛද්ය නිලධාරීතුමිය හා කාර්ය මණ්ඩලය දැක්වූ සහයෝගයද කෘතවේදීව සිහිපත් කරමු.
මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් මාගල, දික්ඇල්ලකන්ද, මාලිබොඩ, පොත්දෙනිකන්ද වසම් වල ග්රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරී අශාල් දීමන්ත මහතා දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකන අතර මේ සඳහා සම්බන්ධ වූ කාර්යාලයේ සියලුම නිලධාරීන්ටද අපගේ කෘතවේදීත්ය පිරිනමමු.










0 Comments