"දිරිය ප්‍රතිභා" විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ දින සැමරුම
------------------------------------------------
සබරගමු පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දැරණියගල ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කල "දිරිය ප්‍රතිභා" 2024 ප්‍රාදේශීය විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ දින සැමරුම් උත්සවය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2024.12.11 දින පුර නැගුම බහු කාර්ය ශාලාවේදී පැවැත්විණි.
මේ සඳහා ආබාධිත ප්‍රජාව හා ඔවුන්ගේ පවුල්වල පිරිස් 180 දෙනෙකු පමණ සහභාගි විය. ආබාධිත ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද නර්තන අංග හා ගායනාවන්ගෙන් වැඩසටහන අලංකාරවත් විය. විශේෂයෙන්ම විශේෂ අධ්‍යාපන ඒකකවල දරුවන්ගේ සාමූහික නර්තනය මේ අතර කැපී පෙනුණි. ඔවුන්ට ශක්තියක් වෙමින් සමාජ සේවා අංශයේ ඉන්දීවරි දයාරත්න හා කෝසලා රන්දිලිනි යන සංවර්ධන නිලධාරිනියන්ද ගීත ගායනා ඉදිරිපත් කරන ලදී.
සබරගමු පළාතේ විශිෂ්ඨතම ආබාධ සහිත පුද්ගලයා ලෙස තේරුණු සඳරුවන් පියවංශ මහතා ඇගයීමද මෙහිදී සිදු කරන ලදී.ඊට අමතරව විශේෂ අධ්‍යාපන ඒකක භාර ආචාර්යවරියන් ඇගයීමද මෙහිදී සිදු කරන ලදී. කෑගල්ල දිස්ත්‍රික් ස්ව ශක්ති සංවිධානයේ සභාපති දිනේෂ් මහතා හා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සුජීව මහතා විශේෂ ආරාධිතයින් ලෙස මේ අවස්ථාවට එක් විය.
දැරණියගල පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, දැරණියගල ප්‍රාදේශීය සභාවේ මාණ්ඩලික සහකාර නිලධාරීතුමිය හා දැරණියගල අධ්‍යාපන කලාපයේ විශේෂ අධ්‍යාපන ඒකකවල ආචාර්යවරියන් මේ සදහා සහභාගි විය.
මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රහයන් සැපයූ දැරණියගල පනාවල විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිතුමා, මැලිබන් ගාමන්ට් ආයතනයේ කැපුම් අංශයේ කළමනාකාරතුමාට අපගේ ගෞරවනීය ස්තූතිය පිරි නමමු.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් ස්ව ශක්ති සංවිධානයේ භාණ්ඩාගාරික තුමිය ඇතුළු නිලධාරී මඩුල්ලටත්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරී දිස්නා මහත්මිය ඇතුළු සියලුම නිලධාරීන්ටත්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී නිපුනිකා හර්ෂි හා අපනයන සංවර්ධන නිලධාරී සුමිත් කුමාර මහතාටත්, සමාජ සේවා අංශයේ සියලූම නිලධාරීන්ටත් කෘතවේදිත්වය පල කරමු.







0 Comments