Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.




විගමනික  පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන 
————————••••——————- 

       ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, දැරණියගල කොට්ඨාසයේ විගමනික පවුල් සදහා විදේශ සේවා අංශය සංවිධානය කරනු ලබන  දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.  අනුව එහි තවත් එක් වැඩසටහනක් ඉලුක්තැන්න වත්ත පහළ කොටස කෝවිල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

         සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා  සම්පත්  දායකත්වය ලබා දෙන ලද්දේ දැරණියගල  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, ප්‍රජා විශෝධන  නිලධාරී, වැවිලි ප්‍රජා නිලධාරී, සමථ නිලධාරී, ජාතික ඒකාබද්ධතා නිලධාරී හා විදේශ රැකියා සංවර්ධන නිලධාරින් විසිනි.
    
         එදින විදේශ රැකියාවේදී මියගිය ඩී. සෙල්වරංජනී මියගේ පවුලේ අයහට වියලි සලාක ආධාරයක් පාරසරික තුරු සංවිධානය ව්සින්  ලබා දුන් අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සිය උපරිම දායකත්වය ලබාදුන්  ග්‍රාම නිලධාරිතුමා, ආර්ථික සංවර්ධන නිලධාරී තුමා සහ  නන් අයුරින් සහය දුන් සැම කෘතවේදිව සිහිපත් කරන්නෙමු.

 

Post a Comment

0 Comments