විගමනික පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන 
——————————********——————————-  
    ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය විගමනික කමිටුව යාවත්කාලීන කිරීම හා විගමනික පවුල්වල සාමාජිකයන් සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙන ශිෂ්‍යාධාර හා ස්වයං රැකියා ආධාර පිලිබඳ දැනුවත් කිරීම 2024.12.09 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි. 

      මෙහිදී, විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තු වෙන් සිටින අයහට සුරක්ෂිත විදේශ රැකියාවක් සොයාගන්නා ආකාරය පිලිබදව දැනුවත් කරන ලදී. මේ වන විට වංචනික විදේශ රැකියා ආයතන වෙත මුදල් ලබාදී අගතියට පත් පිරිසක් සදහා ඉදිරියේදී ගත හැකිය ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර අවශ්‍ය මගපෙන්වීම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ලබා දෙන ලදී.  තවද පරිපාලන ග්‍රාම නිළධාරිතුමා විසින් විගමනික පවුලවල දැනට පවතින ප්‍රායෝගික ගැටලු හා ඒ සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබදව පැහැදිලි කරන ලදී. 

    පාරිසරික තුරු සංවිධානයේ අනුග්‍රාහකත්වයෙන් සංග්‍රහ කටයුතු සිදුකල අතර මේ සදහා සහය දුන් ප්‍රාදේශීය ලේකම්තුමියට, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාට, පරිපාලන ග්‍රාම නිලධාරී තුමන් ඇතුළු සහෝදර නිලධාරී සියලූම දෙනාට ස්තුතිවන්ත වෙමු.