ආහාර සංස්කරණ ක්‍රම පිලිබඳ වැඩසටහන
————————••••————————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, දේශීය වෛද්‍ය ආමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ ආයුර්වේද සංවර්ධන නිලධාරි විසින් දැරණියගල කොට්ඨාසයේ සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව එහි තවත් එක් වැඩසටහනක් වත්තෙගෙදර ඉලුක්තැන්න පෙර පාසලේදී 2024.11.27 වන දින පැවැත්විණි. මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය විසිනි. ප්‍රායෝගිකව දේශීය අහාර භාවිතයෙන් අහාර සංස්කරණය පිලිබඳ හා එහි වැදගත්කම පිලිබද දැනුවත් කරන ලදී.
ප්‍රජා ඵලදායිතා දැනුවත් කිරීමක් ඵලදායිතා සංවර්ධන නිලධාරි විසින් සිදු කරන ලද අතර මෙම වැඩසටහන සදහා වැවිලි ප්‍රජා නිලධාරි විසින් භාෂා පරිවර්තනය සහ කෘෂි කර්ම නිලධාරි මෙම වැඩසටහන සදහා දායකත්වය ලබා දුන් අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සිය උපරිම දායකත්වය ලබාදුන් පෙර පාසලේ ආචාර්යතුමිය සහ නන් අයුරින් සහය දුන් සැම කෘතවේදිව සිහිපත් කරන්නෙමු




0 Comments