උප්පැන්න සහතික අහිමි දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ ජංගම සේවා වැඩසටහන 

 ------------------•••••••••••--------------------- 

ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් උප්පැන්න සහතික අහිමි දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීමට අවශ්‍ය ලේඛන සකස් කිරීමේ වැඩසටහනක් පසුගියදා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් බස්නාගල නූරිය දෙමළ විද්‍යාලයේදී පවත්වන ලදී. 

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ වතු ආශ්‍රිත සහ අඩු ආදායම්ලාභී පවුල් වල උප්පැන්න සහතික අහිමි දරුවන් පාසල් ගත කිරීමේදී ඔවුන්ගේ දෙමාපියන් මුහුණ දෙන ගැටලු අවම කර ගැනීම හා උප්පැන්න සහතිකයක වටිනාකම එම ප්‍රජාවට දැනුවත් කිරීමයි. 

ඒ අනුව එම ප්‍රදේශයේ උප්පැන්න සහතික අහිමි දරුවන්ට උප්පැන්න සහතික ලබාදීම සඳහා අවශ්‍ය කරන දත්ත එක්රැස් කර ගැනීම සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය,මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය, රෙජිස්ට්‍රාර්  අංශයේ නිලධාරීන්, වැවිලි ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය කාර්යාලය නියෝජනය කරමින් සම්බන්ධ වූ අතර එහි සංවිධාන කටයුතු වසමේ ග්‍රාම නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදු කරන ලදී. 

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් නූරිය දෙමළ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය හා අනෙකුත්  සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු