විගමනික පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන
--————————••••——————---
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, දැරණියගල කොට්ඨාසයේ විගමනික පවුල් සදහා විදේශ සේවා අංශය සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව එහි තවත් එක් වැඩසටහනක් මියනවිට වත්ත නැගෙනහිර කොටසේදී 2024.11.06 වන දින පැවැත්විණි.
මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරී, උපදේශන නිලධාරී, වැවිලි ප්‍රජා නිලධාරී, එලදායිතා නිලධාරී, සමථ නිලධාරී, ප්‍රජා විශෝධන නිලධාරී, ජාතික ඒකාබද්ධතා නිලධාරී හා පරිසර නිලධාරීන් විසිනි.
මෙම වැඩසටහන සදහ පාරසරික තුරු සංවිධානය සංග්‍රහ කටයුතු සදහා දායකත්වය ලබා දුන් අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සිය උපරිම දායකත්වය ලබාදුන් ග්‍රාම නිලධාරිතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරී තුමිය, පවුල් සෞඛ්‍ය නිලධාරී තුමිය හා වතු සුභසාධන නිලධාරී තුමිය සහ නන් අයුරින් සහය දුන් සැම කෘතවේදිව සිහිපත් කරන්නෙමු



0 Comments