ප්‍රාදේශීය ළමා දින සැමරුම- සමෘද්ධි අංශය 
------------•••••••••---------------- 
      දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනට සමගාමීව විශේෂ සැමරුම් වැඩසටහනක් 2024.10.06 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනලදි. 

අවුරුදු 15-18 අතර වයස් කාණ්ඩයේ දරුවන්, ප්‍රජා නායකයින් ඉලක්ක කොට වැඩසටහන සංවිධානය කරනලද අතර පුද්ගල ආකල්ප සංවර්ධනය,සියදිවි නසාගැනීම් හා ළමා අපයෝජනය, උපදේශණය, රසවින්දනය යන මාතෘකා ඔස්සේ ප්‍රායෝගික වැඩමුළුව  පවත්වනලදි.   

මෙම වැඩසටහනෙහි සම්පත් දායකත්වය බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඤානක එල් පාඩිපෙරුම මහතා විසින් ලබාදෙන ලද අතර වැඩසටහන හා සම්බන්ධ වෙමින් අපට ශක්තියක් වු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, දැරණියගල පොලීසියේ නියොජ්‍ය ස්ථානාධිපති තුමන්, සමෘද්ධි අංශය නියෝජනය කල සියලුම කළමණාකාර මහත්ම මහත්මීන් සහ සමෘද්ධි සංවර්ධන හා සංවර්ධන නිලධාරින්, ප්‍රජාමුල සංවිධාන සාමාජිකයින් ඇතුලු සහයෝගය ලබාදුන් සියලු දෙනා හට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.