බැහැරගත ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් 
—————————••••————————— 
   දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්,  කාර්‍යාලයීය නිලධාරීන්ගේ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සහ කාර්‍යසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින්  බැහැරගත ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් 2 ක් යටියන්තොට වී ඔය ප්‍රාදේශය ආශ්‍රිතව පැවැත්විණි. 

ත්‍රාසජනක, විනෝදාත්මක හා පෞරුෂ වර්ධන ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන් සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන නිලධාරී තුමා, ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු  කාර්‍යාලයීය නිලධාරීන් රැසක් වඩාත් උද්යෝගයෙන් සහභාගී වූහ. 

මෙහිදී එම නිලධාරින් කාණ්ඩ 2 කට බෙදා එක් එක් දිනයන්හිදී වෙන් වෙන් වශයෙන්  පුහුණු වැඩසටහන සඳහා යොමු කරන ලදී. 

මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා දුන් දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ තරුණ සේවා නිලධාරි චන්න ජයවර්ධන මහත්මාටත්, මෙම කාර්‍යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි නිමල් ගුණතිලක මහත්මාටත්, නිපුණතා සංවර්ධන නිලධාරි සිසිර මහත්මාටත්, ක්‍රීඩා නිලධාරි සනිදු මහත්මාටත් සහ සාර්ථක වැඩසටහනක නිමාවක් දකින්නට නන් අයුරින් සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු