Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම - රාජ්‍ය නිලධාරීන් උදෙසා දෙමළ භාෂා පුහුණු වැඩසටහන








රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම - රාජ්‍ය නිලධාරීන් උදෙසා දෙමළ භාෂා පුහුණු වැඩසටහන 
------------------••••••••••••---------------------- 
ද්විභාෂා කොට්ඨාසයක් වශයෙන් නම් කර ඇති මෙම කොට්ඨාසය තුළ රාජ්‍ය  භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක  කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.  

ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ "විශේෂ සතිය" වෙනුවෙන් රාජ්‍ය  නිලධාරීන් සඳහා න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සමඟින් දෙමළ භාෂා පුහුණු පාඨාමාලාවක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ආරම්භ කරන ලදි . 

මෙම පුහුණු පාඨමාලාව සතියකට දින දෙකක් (පැය 12 ක කාලයක්) ආවරණය කරමින් පූර්ණ පැය 150 ක් ඉතා සර්තකව සිදුකරන ලදි. 

භාෂා අයිතිය සුරැකීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන අතර, එය සුරක්ෂිත කිරීම උදෙසා සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, ගුරුවරුවන් මෙන්ම සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙම පුහුණු වැඩසටහන සඳහා සක්‍රියව සම්බන්ධ වූහ. 

මෙම පාඨමාලාව ඉතා සාර්තකව අවසන් කර ගැනීමට කටයුතු සැලසූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට, අපගේ ප්‍රාදේශීය ලේකම්තුමියට, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාට, ආදරණීය ගුරුපියාන් ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූ සැමට හදපිරි ස්තූතිය පුදකරමු
 

Post a Comment

0 Comments