නිර්මාණාත්මක සරුංගල් සැකසීමේ වැඩසටහනක්
—————————•••••—————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, සංස්කෘතික අංශයේ සංවිධානයෙන් මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා සමාජ දරුවන් උදෙසා නිර්මාණාත්මක සරුංගල් සැකසීමේ වැඩසටහනක් 2024.10.04 වෙනි දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී දරුවන්ගේ පෞරුෂ වර්ධන ලක්ෂණ ඔප් නැංවීමේ අරමුණින් සහභාගී වූ දරුවන් කණ්ඩායම් ගතකොට නිර්මාණාත්මක අයුරින් සරුංගල් සැකසීමට අවස්ථාව සලසා දෙන ලදී.
එහිදී නිර්මාණාත්මක සරුංගල් නිර්මාණය කළ කණ්ඩායම් අතරින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන තෝරා ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාග පිරිනැමුණු අතර, සහභාගිත්වය අගය කරමින් සෙසු දරුවන් වෙනුවෙන්ද ත්‍යාග පිරිනමන ලදී. ත්‍යාග වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් අතර, ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පිරිනමමු.
ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුලු නිලධාරීන් රැසක් මෙම අවස්ථාව හා සම්බන්ධ වූ අතර, වැඩසටහන සාර්ථක කරගැනීමට සහය වූ සංස්කෘතික නිලධාරි දෙපලටත්, ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරිතුමියටත් හෘදයාංගමව ස්තුතිවන්ත වන අතර, නන් අයුරින් සහය දුන් සැමටත් ස්තුතිවන්ත වෙමු







0 Comments