විශේෂ හැකියාව ප්‍රශංසා කරමු
. --------••••••••---------
සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධ සහිත පුද්ගලයන්ගේ දක්ෂතා ඇගයීම සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන "සිත් රූ ස්වාභිමානී 2024" ජාතික සම්මාන ප්‍රදානය 2024.10.30 දින සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහි නව නිපැයුම් තරඟ අංශය නියෝජනය කරමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සඳරුවන් පියවංශ මහතා ජාතික මට්ටමේ තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදී.
ඔහු විසින් ආබාධිත පුද්ගලයන් සඳහාම නිපදවූ යතුරුපැදිය වෙනුවෙන් එම සම්මානය හා මුදල් ත්‍යාගය ඔහුට හිමි විය. නක්කාවිට බෝමළුව ප්‍රදේශයේ පදිංචි සඳරුවන් පියවංශ මහතා දැරණියගල එකමුතු ස්වශක්ති සංවිධානයේ හිටපු සභාපතිවරයකුද වන අතර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන ලද පුද්ගලයෙකි.
මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණය සඳහාද ඔහුට මඟ පෙන්වීම සිදු කල ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාටත් සහයෝගය ලබා දෙන කාර්යාලයේ සියලු නිලධාරීන්ටත් සමාජ සේවා අංශයේ කෘතවේදීත්වය පිරි නමමු.



0 Comments