Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්




 වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
 ————————••••——————- 
 
     ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, මානව සම්පත් සංවර්ධන අංශය මගින් මෙම කොට්ඨාසයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරු දැරියන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

     ඒ අනුව එහි තවත් එක් වැඩසටහනක්  පසුගියදා ඌඩාපොල කණිෂ්ඨ  විද්‍යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන වෙනුවෙන්  සම්පත්  දායකත්වය  ලබා දෙන ලද්දේ දැරණියගල  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ  මානව සම්පත්  සංවර්ධන  අංශය හා වෘත්තීය  පුහුණු  අධිකාරියේ  වැඩසටහන්  නිලධාරී  සුභානි මහත්මිය  විසිනි. 

      ඒ පිලිබඳව විශේෂ ස්තුතිය  පුද කර සිටින අතරම,  මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදුන් විද්‍යාලයේ  විදුහල්පතිතුමාටත්, ගුරු මණ්ඩලයටත්, සිසු දරු දැරියන්ටත්, නන් අයුරින් සහය දුන් සැමටත් කෘතඥ වෙමු.

Post a Comment

0 Comments